එන්නත් කාඩ් පත අනිවාර්ය ස්ථාන ලැයිස්තුව ළඟදීම එළියට - ජනතාවටත් දැනුම්දීමක්..!

lockdown vaccination Covid19 vccine card
By Sewvandhi Mar 27, 2022 05:08 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

සියලු එන්නත් මාත්‍රා ( පූර්ණ එන්නත්කරණය) ලබාගත් බවට වූ සහතිකය අනිවාර්ය කෙරෙන ස්ථාන ලයිස්තුව ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බොහෝ පොදු ස්ථානවලට යෑමේදී සියලු එන්නත් මාත්‍රා ලබා ගත් බවටවූ සහතිකය ලබන අප්‍රේල් මස 30 වැනිදා සිට අනිවාර්ය කෙරේ.

මෙරට මුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලබාගත් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවකට අධිකය. සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තෙවැනි මාත්‍රාව ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now