තෙවන මාත්‍රාව ලබා ගැනිමට ජනතාව තුල දැඩි උනන්දුවක්...

Vaccination Gagana news Sri lankan Vaccination The third dose
By Subodha Feb 20, 2022 05:10 AM GMT
Report

කොවිඩ් ප්‍රතිශක්තිකරණය වැඩ සටහන යටතේ ලංකාව තුල මේ වන විට තෙවන මාත්‍රාව ලබා ගැනිමට ජනතාව තුල දැඩි උනන්දුවක් දත්නට ඇති අයුරු පෙනෙන්නට තිබෙන බව සෞඛ්‍ය අංශයන් පවසනවා0.

මේ අනුව පසුගිය දින තුනක කාලය තුලදි දිනකට 70000ක් බැගින් එන්නත් ලබාගැනිමට කටයුතු කර තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශය නිකුත්කල දත්ත වලට අනුව ගෙවුනු දින 03න තුල 17 දා -70983, 18දා-71639, 19දා -79164 ලෙස එන්නත් ලබා ගන්නා ප්‍රමාණය වැඩි අගයක් පෙන්නුම් කරයි.

ලංකාව තුල තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දේ .

මේ වන විට පුද්ගලයින් 6462786ක් තෙවන මාත්‍රාව ලබාගෙන ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now