පාලමක් අසළින් අත, කට ගැට ගැසූ මළ සිරුරක් හමුවෙයි..

Sri Lanka Police Ratnapura Sri Lanka Crime
By Sewvandhi Dec 15, 2022 07:50 AM GMT
Report

ඉංගිරිය - රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබිය දී ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි‍ මළ සිරුරක් අද (15) පෙරවරුවේ හමුව තිබේ.

මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරයි. එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි.

උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කරයි. කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

දින කිහිපයකට ඉහතදී එම ස්ථානය ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ද පොලීසියට හමුව තිබේ. ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now