සරසවි සිසුන්ගේ අධ්‍යාපන කාලය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
අධ්‍යයන කටයුතු ආරම්භයේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළදී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සළසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුeduවකදියි.
විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබාගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගැනීමට ගතවන කාලය අතර දැඩි වෙනසක් පවතින බව එහිදී සිසුන්, ජනාධිපතිවරයාට අවධාරණය කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි.
පාසල් අධ්‍යාපනය නිමා කර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, කුරුණෑගල සහ මඩකලපුව ඇතුලු නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, සිසුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |