හද කම්පා කරමින් සරසවි සිසුවිය බිළිගත් මාරයා..

Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka
By Sewvandhi Jan 16, 2024 02:43 PM GMT
Report

හොරණ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවේ, ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගොස් ඇති බවයි.

පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හසිනි භාග්‍යා නමැති තරුණියක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

දෙමාපියන් පැවසුවේ, ඉකුත් 05 වන දින උණ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇයව ඇතුළත් කළ අතර, ඉන් අනතුරුව ඇයව 11 වනදා දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබූ අතර ඇයට ඒ වනවිට සිහිය නොමැතිවී ඇති බවයි.

එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමුකර තිබූ වෛද්‍යවරු, ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබුණි.

එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය අද (16) අලුයම මිය ගොස් ඇත. තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වාහනයවීම සමඟම ඇතිවූ සංකූලතා මත සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර ඇත.

Sponsored By Sarrita Jewellery

හද කම්පා කරමින් සරසවි සිසුවිය බිළිගත් මාරයා.. | Uuniversity Student Hasini Bagya Funeral