T20 මංගල තරගයේ වාසනාව සත්කාරක ඇමරිකාවට..

Cricket United States of America Canada Sports T20 World Cup 2024
By Piyumika Jun 02, 2024 02:15 AM GMT
Report

 ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරමින් 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලිය අද (02) ආරම්භ කෙරුණි .එහි මංගල තරගය ස්ත්කරක ඈමරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර යෙදී තිබුනි.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

එහිදී පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තරගය අද (2) ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වු අතර, එම තරගය අමෙරිකාවේ ටෙක්සාස් හි, Grand Prairie ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

T20 ලෝක කුසලානයේ දෙවැනි තරගය ලෙසින් කොදෙව්වන් - පැපුවා නිව් ගිනීයාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් අද(2) රාත්‍රී 8ට තරග වැදීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නවීන පහසුකම්වලින් ඉදි කෙරුණු නිව්යෝර්ක්, ෆ්ලොරිඩා සහ ඩලස්හිදී ක්‍රීඩාංගණයන් තුනේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16ක් වන අතර සම සත්කාරකත්වය දරණ කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 7ක තරග 39ක් පැවැත්වීමට නියමිතයි.

20T ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ කණගාටුදායක ඉරණම මෙන්න..

20T ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ කණගාටුදායක ඉරණම මෙන්න..

පන්දුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගිවන වැඩිම කණ්ඩායම් සංඛ්‍යාව මෙවර තරග වදින අතර, ඒ අනුව ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍යයන් 20, දින 28ක ආසන්න කාලයක් තරග 55කදී උරෙන් උර ගැටෙනු ඇත.

ඔවුන් මුලික වටයේදී A,B,C සහ D කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.

A කාණ්ඩයෙන්, ඉන්දියාව හා පාකිස්තානය,අයර්ලන්තය,කැනඩාව සහ අමෙරිකාව තරග බිමට පිවිසෙන අතර, B කාණ්ඩයෙන් පසුගිය වර ලෝක ශූරයින් වන එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නැමීබියාව,ස්කොට්ලන්ප සහ ඕමානය තරග වදිනවා.

නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව්,ඇෆ්ගනිස්ථානය,උගන්ඩාව සහ පැපුවා නිව්ගිනීයාව C කාණ්ඩයෙන් ද, D කාණ්ඩයෙන් තරග වදින්නේ 2014 ලෝක ශූරයින් වන ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව,බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලයයි.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගිවන පළමු තරගය හෙට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත අතර, අනතරුව ඔවුන් බංග්ලාදේශය,නේපාලය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

මුලික අවසන් වන විට එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබන අතර එහිදී ඔවුන් කාණ්ඩ දෙකකකින් තරග බිමට පිවිසෙනවා.

සුපිරි 8 දෙනාගේ තරග වටය අවසානයේදී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා.

පියුමි හන්සමාලි එයාගේ ආදරණීය යාලුවගේ උපන්දිනයට සුබ පැතුවේ මෙහෙමයි.. බලන්නකෝ දෙන්නගේ ආදරේ...(VIDEO)

පියුමි හන්සමාලි එයාගේ ආදරණීය යාලුවගේ උපන්දිනයට සුබ පැතුවේ මෙහෙමයි.. බලන්නකෝ දෙන්නගේ ආදරේ...(VIDEO)

මෙවර පන්දුවාර 20 ලෝක ශූරයින් තීරණය කෙරෙන අවසන් මහා තරගය ජුනි මස 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කොදෙව් දේශයේ බ්‍රිජ්ටවුන්හිදීයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%