ඇමෙරිකාවේ උපායමාර්ගික තෙල් සංචිතය 1983න් පසු අවම මට්ටමට පහත වැටෙයි

Donald Trump United States of America Latest Headlines Sinhala news
By R.rishma Jun 30, 2026 04:43 AM GMT
Report

අමෙරිකාවේ උපායමාර්ගික තෙල් සංචිතය 1983 වසරෙන් පසු වාර්තා වූ අවම මට්ටමට පහත වැටී ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය වී තිබේ.

එම දත්ත අනුව, සංචිතයෙන් තවත් බොරතෙල් බැරල් මිලියන 5.5ක් අඩුවී ඇති අතර, මේ වන විට එහි ඉතිරිව ඇත්තේ බැරල් මිලියන 325.7ක් පමණි. මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ පහළම සංචිත මට්ටම ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක වෙළඳපොළේ තෙල් සැපයුමට එල්ල වූ පීඩනය හේතුවෙන් ඉන්ධන මිල ස්ථාවර කිරීම සහ වෙළඳපොළේ තෙල් හිඟය අවම කිරීමේ අරමුණින් අමෙරිකාව සිය උපායමාර්ගික තෙල් සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 172ක් මුදාහැරීමට මීට පෙර පියවර ගෙන තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවේ උපායමාර්ගික තෙල් සංචිතය දශක හතරකට ආසන්න කාලයකින් වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.