චීන සමාගම් කිහිපයකට ලොව ප්‍රබලයෙකුගෙන් තහනමක්.

United States of America China
By Wayomi Feb 11, 2023 06:31 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් චීන ගුවන් සේවා සහ තාක්ෂණ සමාගම් කිහිපයකට තහනමක් පනවා තිබෙනවා.

ඒ, චීන සමාගම් පහක් සහ එක් පර්යේෂණ ආයතනයකට මෙලෙස විශේෂ බලපත්‍රයක් නොමැතිව ඇමරිකානු කොටස් සහ තාක්ෂණය ලබාදීම තහනම් කරනු ලැබුවා.

පසුගිය සතියේ ඇමරිකානු ගුවන් සීමාව හරහා චීන බැලුනයක් ගමන් කරවීමට ප්‍රතිචාරයක් ලෙස මෙම තහනම පනවනු ලැබුවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය නම් එය හඳුන්වා ඇත්තේ, එම තහනම බයිඩ්න් පරිපාලනයේ පළමු ආර්ථික පළිගැනීමක් ලෙසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW