හෙට සිට රුපියල් 1000කින් අඩුවන දේ මෙන්න..රටටම සුබ ආරංචියක්..

Business Mobile Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Jun 13, 2023 11:14 PM GMT
Report

යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල නිර්දේශ කර ඇත්තේ, යුරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතු බවයි.

ඒ අනුව මිල කමිටුව වහාම රැස්වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

එම තීරණය පරිදි හෙට(15) දිනයේ සිට යුරියා පොහොර මිල රුපියල් 9,000 දක්වා අඩු කෙරෙනු ඇත.

දැනට වෙළෙද පොළෙහි යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000ක් වශයෙන් පවතී.

මේ අතර දැනට කොළඹ වරායට පැමිණ ඇති යුරියා පොහොර නෞකාවේ අඩංගු පොහොර ගොඩ බෑම දැන් සිදු කෙරේ.

වර්ෂාව නිසා පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වූ බව කොමර්ෂල් හා ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කියා සිටියා.

නමුත් ඊයේ රාත්‍රියේ සිටම යුරියා පොහොර රැගත් ලොරි රථ පොලොන්නරුව ඇතුළු සියලු දිස්ත්‍රික්ක වෙත යැවීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.