යූරියා පොහොර බෙදාදීම අද සිට ආරම්භ කරේ..
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියා.
පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණි අතර මෙම යූරියා පොහොර අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළේ.
අමරවීර මහතා සඳහන් කළේ, මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය කාලසීමාවල ඉතා ඉහළ මිල ගණන් යටතේ පොහොර මිටියක් අලෙවි කිරීම සිදුකෙරුනු අතර රජය විසින් මේ වන විට සහනදායී මිලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවයි.