රට පුරා සිටින වෛද්‍යවරුන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගත් හදිසි තීරණය.

Ministry of Health Sri Lanka
By Wayomi Apr 04, 2024 04:06 AM GMT
Report

රට පුරා සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර ඇත.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ,එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ, අනුව එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති අතර එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.