වරෙන්තුකරුට වෙඩි තබා අල්ලයි..

Sri Lanka Police Shooting Sri Lanka
By Sithumi Jun 12, 2023 01:08 PM GMT
Report

වරෙන්තුකරුවකුව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ නිලධාරින් සමග පොර බදා පැන යාමට උත්සහා කළ අවස්ථාවේ අදාල වරෙන්තුකරුව වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා.

පොලිස් නිලධාරින් සමග පොරබැදූ වරෙන්තුකරු පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවියක්ද පැහැරගෙන පලායමට තැත්කරද්දී පොලිස් නිලධාරියකු වෙඩි තබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වරෙන්තු කරු බද්දේගම රෝහලට ඇතුළත් කළ බවත් ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.මෙසේ වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ තුඩුව,හබුරුගල පදිංචි පුද්ගලයෙකි.

අද(12) සවස ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයට,අධිකරණයෙන් නිකුත් කරතිබු වරෙන්තුවකට ඔහු අත් අඩංගුවට ගැනිමට ඌරගස්මන්හන්දිය පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරු දෙදෙනකු  ගිය අවස්ථාවේ වරෙන්තුකරු පොලිස් නිලධාරින් සමග පොර බදා සැරයන්වරයාගේ අත තිබූ ගිනි අවියද පැහැරගැනිමට උත්සාහ කළ අවස්ථාවේ කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇත.

පාදයකට වෙඩි වැදුන වරෙන්තුකරු එම ස්ථානයෙන් පලාගොස් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුලත් විමට ගිය අවස්ථාවේ බද්දේගම පොලිසියේ නිලධාරින් අත් අඩංගුවට ගෙන රෝහලට ඇතුලත් කර ඇත.