ඕස්ට්‍රේලියාවට යන්න සිටි ඔබ ජුලී පළවෙනිදා සිට ක්‍රියාත්මක මේ දේ ගැන දැනුවත්ද..

Australia Tourist Visa
By Piyumika Jun 13, 2024 11:53 AM GMT
Report

ලබන ජූලි මස පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා හිමියන්ට එරටට ගොස් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමට හැකියාවක් නොමැති බව වර්තා වේ.

එම තිරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වාදුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

ඇපල් සන්නාම පාරිභෝගිකයන්ට තවත් ආඩම්බරයක්..

ඇපල් සන්නාම පාරිභෝගිකයන්ට තවත් ආඩම්බරයක්..

ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වා දුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණ අතර ඒ අනුව, ලබන ජූලි මස පළමුවනදා සිට සංචාරක වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නොමැත.

ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා වෙනුවෙන් මෙම නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.

ඒ අනුව එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ ජූලි පළමුවැනිදා සිට මෙම වසරේ මැයි මස අවසානය දක්වා සංචාරක වීසා හිමියන්ගෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් 36,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය..

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය..

එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් ශිෂ්‍ය වීසා ඉල්ලුමට වැඩි වැඩියෙන් යොමුවීම බව ද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටී.

මීට අමතරව ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මකවන පරිදි තාවකාලික උපාධි වීසා හිමියන්ටද ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත .

2023 වසරේ ඔක්තෝබර් මාසයේ එළිදැක්වුණු වාර්තාවක සඳහන්කර තිබූ ගැටලුවක් විසඳීමට මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වන අතර අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ තාවකාලික උපාධි වීසා බලපත්‍රලාභීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා නැවත පැමිණෙන අතර, බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝකර ගැනීම බවයි.

තාවකාලික උපාධි වීසා හිමියන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් ඔවුන්ගේ වීසා කාලය අවසන්වන විට ස්ථිර පදිංචිය සොයා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව ද හෙළි වී තිබේ.

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..

උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝකර ගැනීම සඳහා වැඩි වශයෙන් ලාභදායී වෘත්තීය පාඨමාලාවල වැඩිදුර අධ්‍යාපනයට නැවත පැමිණෙන බවයි පැවසෙනුයේ.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු රජය එම මාර්ගය අවහිර කරමින් ඔවුන් හරවා යැවීමට කටයුතු කරමින් සිටින අතර, උපාධිධාරීන් තම හැකියාවන්ට අදාළ රැකියා සොයා ස්ථීර පදිංචිකරුවන් විය යුතු බව අවධාරණය කර ඇත. එසේ නැතහොත් තාවකාලික පදිංචිකරුවන් නොවී රට හැර යා යුතු බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ.