ගං වතුර අවධානම ගැන නවතම තත්වය මෙන්න. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කෙරේ.

Department of Meteorology Landslide In Sri Lanka Weather Floods In Sri Lanka Irrigation Department
By Wayomi Jun 04, 2024 06:20 AM GMT
Report

කළු, ගිං සහ කැළණි ගංගා ද්‍රෝණි ආශ්‍රීත ගං වතුර සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු සහ ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදන තුනක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින සැලකිය යුතු ලෙස ඉහළ ජලමට්ටම් හේතුවෙන් ගංගාවේ දකුණු ඉවුරේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින BR-05 ගං වතුර බැම්ම ආසන්න වශයෙන් මීටරයක් පමණ උසින් උතුරා යන බවයි.

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.


ඒ අනුව මාලිම්බඩ, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගං වතුර අවදානම ඉදිරි පැය 48ක කාලයක් පවතිනු ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවසිදු කළ නිවේදනයේ දැක්වෙනේ.

වාහනයක් තියෙන හැමෝටම මෙන්න අලුත් ආරංචියක්. - දකුණෙන් පළාත් 8ක ආදායම් බලපත්‍ර. - ඒක වෙන්නේ මෙහෙමයි.

වාහනයක් තියෙන හැමෝටම මෙන්න අලුත් ආරංචියක්. - දකුණෙන් පළාත් 8ක ආදායම් බලපත්‍ර. - ඒක වෙන්නේ මෙහෙමයි.


මේ අතර කැළණි ගඟ ද්‍රෝණියේ පහළ පිහිටි සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට නිකුත් කර ඇති අනතුරු ඇඟවීම තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ගිං ගඟ ද්‍රෝණිය තුළ පවතින ගං වතුර තත්ත්වය පහළ ප්‍රදේශවලී තවදුරටත් සුළු වශයෙන් වැඩි වෙමින් පවතින බවයි, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද ලබා දුන් පාසල් නිවාඩුව තව දීර්ඝ වෙයිද? - එය තීරණය වෙන්නේ මෙහෙමයි.

අද ලබා දුන් පාසල් නිවාඩුව තව දීර්ඝ වෙයිද? - එය තීරණය වෙන්නේ මෙහෙමයි.


ඒ හේතුවෙන් එහි බලපෑම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තවදුරටත් වර්ධනය වනු ඇති අතර මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර ඇත. 

මේ අතරම අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර සඳහා නිකුත් කර තිබූ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 4ට නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියා

දැනට අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ පවතින ගංවතුර තත්ත්වය පහළ ප්‍රදේශවලදී තවදුරටත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව ගම්පහ, ජාඇල, කටාන, වත්තල සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.


GalleryGalleryGallery