‘‘කාලා තියෙනවද මේවා???’’ බරු කොකු වල ඔබ නොදත් විශේෂ ගුණ

By Madheeha_Naz Sep 05, 2023 12:56 PM GMT
Madheeha_Naz

Madheeha_Naz

in රචනා
Report

වැඩිය අහලා කාලා නැති වුණාට, කිසි වියදමකින් තොරව පහසුවෙන්ම හොයගන්න පුළුවන් රසවත් ගුණවත් කෑමක් තමයි බර කොකු හෙවත් කැරම් කොකු කියන්නේ. මේ පැලෑටිය ගෙවත්තේ හෝ තෙත් ප්‍රදේශවල හෝ ජලාශ ආශ්‍රිතව ඉබේ හට ගන්න නිසා අමුතුවෙන් ඒවාට වියදමක් කරන්න ඕනෙත් නැහැ. මේවා පහසුවෙන් හොයා ගත්තට මේවායේ ගුණ විශ්මිත බව ඔබ දන්නවද ඉතින් ඒ නිසා අද අපි  මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කාටිලේජ වර්ධනය කර අර්ශස් සුවකරන බර කොකු ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු.


මොකක්ද  මේ බර කොකු නැත්නම් කැරම් කොකු  කියන්නේ  ?

 මේ කැරම් කොකු කොක්කක හැඩයට පොළවෙන් මතුවෙන ලා කොළ සහ ලා රත් පැහැ ගන්නා පැලෑටියක් වන අතර මෙය මීවන විශේෂයකට අයත් පැළෑටියක්.ඒවගේම මෙය  විටමින් A හා C පොස්පරස් සහ වෙනත් ලවණ වර්ගවලින් පොහොසත් වන අතර තන්තු බහුල ආහාරයක්.මේ බර කොකු ශාකයේ දලු, කොළ වගේම මුල් දේශීය වෛද්‍ය ක්‍රමය තුල විවිධ ප්‍රතිකාර සඳහාත්  භාවිතයට ගනු ලබනවා.

දැන් අපි මොකක්ද මේ බර කොකු කියල බැලුවනේ දැන් අපි බලමු මේ බර කොකු වල තියෙන විශ්මිත ගුණ මොනවද කියලා.

මේ බර කොකු දැන් සමාජයේ බහුලව පවතින මලබද්ධය  වලක්වන්න උපකාරි  වෙනවා.

සන්ධි ඉදිමුම්වලට ඉතාමත් ගුණදායක වන  බර කොකු  දණහිස් ආශ්‍රිත ආබාධ වළක්වා ගැනීම සඳහා  මේ බර කොකු දළු ව්‍යංජනය සතියකට වරක් ආහාරයට ගැනීම වැදගත් වෙනවා  ,ඒ විතරක් නෙවෙයි මෙය අර්ශස් රෝගීන්ටත්  ඉතාම සුදුසුයි.

විශේෂයෙන් මෙමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර පියයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා රෝග ඇතිවීමද වළක්වනවා.

මේ බර කොකු පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතා දුරලන අතර  සමේ ඇතිවන තුවාල හා රුධිර ගලනයන් සඳහා ඉතාමත්  සුදුසුයි,ඒවගේම ඇදුම ආදී ස්වසන රෝග ඇති අයෙකුට හුස්ම ගැනීම අපහසුතාවක් ඇතිවිට ඒ අපහසුතා මගහරවා ගන්නටද  මේ බර කොකු වියළා පුළුස්සන දුම් ආඝ්‍රානය කිරීම මගින් උපකාරී වෙනවා.

දැන් අපි මේ බර කොකු ගැන සියලු විස්තර දැනගත්තානේ දැන් මේ බරකොකු ආහාරය සඳහා සකස් කිරීමට දැනගෙන සිටිය යුතු දේවල්,මොනවද කියලා බලමු.

ආහාරය සඳහා සකස් කිරීමට දැනගෙන සිටිය යුතු දේවල්,

 බර කොකුවල දල්ල අග කැරකී තිබෙන අතර මේ කොක්ක දිගහැරෙන්නට පෙර තමයි ආහාරය ගැනීමට නෙළා ගන්න ඕන. ඉන්පසුව තරමක් උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් එකතු කරලා එයට මේ බර කොකු ටික දමා මද වේලාවක් තබා ගන්න.එමඟින් බර කොකුවල පියවි ඇසට නොපෙනෙන යම් විෂබීජ ඇත්නම් ඒවා ඉවත් වෙලා එහි ඇති තිත්ත රසයත් ඉවත්ව යනවා. ඉන්පසුව තමයි බරකොකු මැල්ලුම් හෝ ව්‍යංජනය සකස් කරගන්නේ.


ඔන්න අද අපි කිව්වා මෙන්න මේ කරුණු කාරණා තමයි බර කොකු නැත්නම් කැරම්  කොකු වල තියෙන ගුණාංග කිහිපය, ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක  ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.