නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා විශ්වවිද්‍යාල සිසුන්ට රජයෙන් කරන්න යන දේ මෙන්න.

University of Colombo University of Jaffna University of Kelaniya University of Peradeniya University of Sri Jayawardenapura
By Wayomi Nov 26, 2022 06:21 AM GMT
Report

නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

එම තීරණයට හේතු ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පෙන්වා දෙන්නේ, ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කිරීම වැදගත් යැයි සිතා විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමා ද ඉක්මවා වසර 9ක් 10ක් වන කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටීමයි.

එලෙස නියමිත කාලය තුළ විභාගවලට පෙනී නොසිට දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යයාවන් කවුරුන් ද යන්න පිළිබඳව සංගණනයක් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ද ඒ සඳහා විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ සහය ලබාගන්නා බව ද අමාත්‍යවරයා පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ, මෙසේ රැඳී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල නේවාසිකාගාර මුදා නොගත් ප්‍රදේශ වශයෙන් පවත්වාගෙන යෑම 21 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත්ම ගැළපෙන්නේ නැති බවයි.

මෙම ශිෂ්‍ය, ශිෂ්‍යාවන් මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටීම නිසා නවක සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වනවා සේ ම නවක වධ සිද්ධීන් ඇතිවන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

විශ්වවිද්‍යාලවලට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්වවිද්‍යාලවලින් පිටව යා යුතු බවට නීතියක් දැනට පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතේ සඳහන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ ගැටලුසහගත තත්ත්වයක් පවතින බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

කිසියම් ශිෂ්‍ය, ශිෂ්‍යාවකට අසනීප තත්ත්වයක් හෝ වෙන යම් පෞද්ගලික හේතුවක් මත නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිටීමට නොහැකි වුවහොත් විභාගයට පෙනී සිටීම සඳහා එම කාලය මෙන් තවත් සියයට 50ක කාලයක් ලබාදෙන බව ද එම කාලය තුළදී විභාගවලට පෙනී නොසිට උපාධිය සම්පූර්ණ නොකරන සියලු ශිෂ්‍ය, ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල භූමිවලින් ඉවත් කිරීමට මෙම නව පනතෙන් හැකියාව ලැබෙනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW