පෞද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැරීම නිසා විශ්වවිද්‍යාල සිසුවෙක් හා සිසුවියක් සියදිවි හානිකර ගනී..

Sri Lanka Social Media India World Education
By Aruna Jul 31, 2023 02:50 AM GMT
Report

පුද්ගලික විඩීයෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වීම හේතුවෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, සිසුවියක් හා සිසුවෙක් සියදිවි හානි කර ගෙන තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන දාවනගෙරේ හී ඉගෙනුම ලැබූ සිසුන් දෙපළක් මෙලෙස සියදිවි නසා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ විශ්වවිද්‍යාලයේ මෙම සිසුවා හා සිසුවිය සමීපව සිටින අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙක් විසින් එය රහසේ වීඩියෝ කර තිබෙන බවත්,අනතුරුව එම වීඩීයෝව පසුගිය දා සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.

මේ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත පසුගිය සිකුරාදා දිනයේ සිසුවිය සියදිවි හානි කරගෙන ඇති අතර එම පුවත ආරංච්වීමෙන් පසුව සිසුවාද සියදිවි හානි කරගෙන තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිසුවාගේ සහ සිසුවියගේ මව්පියන් පොලිසිය වෙත වෙන් වෙන් වශයෙන් පැමිණිලි කර ඇති අතර මෙම විඩීයෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසන්නේ.