කුලපති හිමිට කොළඹ සරසවියේ විරෝධය , උපාධිය එපා කියයි - සිසුන් එක්ව සිදුකළ දේ

covid 19 Universities sri lamka
By Sithumi Dec 17, 2021 09:50 AM GMT
Report

නාරාහෙන්පිට අභයාරාමාධිපති ‍පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය වර්ජනය කරන බවයි. ආචාර්ය සංගම් කිහිපයක් දැනටමත් එම තීරණය ගෙන ඇත.

අදාල උත්සවයට ශිෂ්‍යයන් කළු පටි පැළැඳ සහභාගී වීමට ද තීරණය කර ඇති බවද සදහන් කර ඇත. එමෙන්ම තම උපාධි මංජුසාව උපකුලපතිවරයා අතින් ලබාගැනීමට අවස්ථාව දෙන ලෙසද ශිෂ්‍යයන් විසින් ඉල්ලීමක් කර තිබේ.