රේස්කෝස් පිටියේ දී සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතාට අධිකරනයෙන් දුන් නියෝගය..!

Sri Lanka Crime
By Sewvandhi මාස 2 කට පෙර
Report

කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

එනම් අද දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්  අදාල ශිෂ්‍යයාව ගේ කියන පෙම්වතා තිස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළා.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now