සරසවි ඇදුරන් ගැන ගන්න යන තීරණය..

Ministry of Education Sri Lanka
By Sewvandhi May 18, 2023 04:31 AM GMT
Report

අද (18) විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇත.

 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පස්වරු 3.00ට  එම හමුව පැවැත්වීමට නියමිත බව එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමට අනුව එම හමුව පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදි වර්තමානයේ උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්ය.

මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුම් දී ඇතත් මේ දක්වාත් එම කටයුතු උපරිමයෙන් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි වී නොමැති බව මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා වැඩිදුරටත් පැවසුවේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now