අවුරුදු 21 දී උපාධිය - විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන අලුත්ම තීරණයක්..!

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Dec 05, 2023 10:23 AM GMT
Report

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ,යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් මෙරට දරුවන් ට අවුරුදු 18 වනවිට විශ්වවිද්‍යාලය ට යෑමට වාසනාව හිමිවන බවයි.

අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ කාරක සභා විවාදයට එක්වෙමින් අද (05) පාර්ලිමේන්තුවේ දී  ඔහු එසේ ප්‍රකාශ කළා.

මෙරට සිසු සිසුවියන්ට වයස අව්රුුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක් හිමිකර ගැනීමට යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අවස්ථාව හිමිවන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අවුරුදු 21 දී උපාධිය - විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන අලුත්ම තීරණයක්..! | University Education Sri Lanka

අපොස සාමාන්‍ය පෙළ, සහ ශිෂ්‍යත්ව විභාග සඳහා ද වෙනස්කම් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පාසල් සිසුන්ට පෙළපොත් ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර ලබාදෙන බවද එතුමා සඳහන් කළා.