එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙරට විරෝධතාකරුවන්ට සහය දක්වනවද..?ආණ්ඩුවට රතු එළියක්...
United Nations Human Rights Council
Gagana news
Government of Sri Lanka
Sri lankan protest
By Subodha
ගාලුමුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙයි.
ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය.
වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලුමුවදොර පිටිය අසළ රැ ඳී සිටින බව අප වාර්තාකරුවන් පැවසුවේ ය.
මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහා ම සියධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ සාමකාමී විරෝධතා කරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහිතකයක් ලබා දිය යුතු බවය.
එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිනබව මානව හිමිකම් කොමිසම ප්‍රකාශකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |