එජාප යේ ප්‍රබල තනතුරක් සාගලට දෙයි... අනුරාධනායක පන්නයි..

Political United National Party Ranil wickramasinghe Sagala rathnayake
By Aruna Feb 09, 2022 01:28 AM GMT
Report


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස සාගල රත්නායක මහතා පත් කර තිබේ.

මීට පෙර සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති තනතුර හොබවනු ලැබීය.

නවීන් දිසානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර හිමි වූ නමුත් ඔහු එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව වසරකට වඩා වැඩි කාලයක් පුරප්පාඩුව පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා සාගල රත්නායක මහතා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති අතර අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ දැඩි විවේචනයක් සිදුකරමින් පසුගිය දිනක පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී අදහස් පළ කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට පක්ෂයේ ඉදිරියේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී ඇතිවී තිබෙන බාධාකාරී තත්ත්වයන් සහ නිසි අයුරින් ජේෂ්ඨයන්ගේ සහාය නොලැබීම සම්බන්ධයෙන් කස්තුරි අනුරාධනායක මහතා දැඩි විවේචනයක් කර ඇති බවයි වාර්තා වේ.

එහිදී ඔහු සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට තොරතුරු දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now