එක්සත් ජාතීන් සමඟ කටයුතු කළැයි ලාංකික ජනතාව පළිගැනීම්වලට ලක්වෙලා

United Nations Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Sep 30, 2022 12:35 PM GMT
Report

මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 42 ක ජනතාවට පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා සිදුවීම් උපුටා ගනිමින් මෙම වාර් තාව සකස් වී ඇත. එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ ලේකම් වාර්තාව මගින් එම රටවල් 42 කට අයත් ප්‍රධාන වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ මාධ්‍යවේදීන් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සමග කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට ලක් වූ ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබේ.

එම පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට පුද්ගලයින් රඳවා තබා ගැනීම, එම පුද්ගලයන් සීමාකාරී නීති මගින් ඉලක්ක කිරීම, ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ නිරීක්ෂණය කිරීම ඇතුළත් වන බව එම වාර් තාවේ දැක්වේ. මෙම වාර්තාවේ දක්වා ඇති සියලුම බිය ගැන්වීමේ සහ පලිගැනීමේ සිදුවීම් පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට මෙම වසරේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන් සඳහා තොරතුරු, සාක්ෂි හුවමාරු කර ගැනීමට හෝ සහන සෙවීමට එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටිය භාවිතා කළ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් සම්බන්ධ ඒවා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now