"පාතාලය කියන්නේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ එකක් නෙමෙයි" - ආරක්ෂක ලේකම්

Ministry of Defense Sri Lanka Ministry Of Public Security Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Aug 05, 2025 08:09 AM GMT
Report

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය. පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

"ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. ඔයාට අද මෙතෙනට එන්න පුළුවන් වුණානේ කිසිම කරදයක් නැතුව. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා.

ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. පාතාලය කැලඹිලා තියෙනවා. පාතාලය කැලඹෙන්න ඕනේ.

මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා පාතාලය කැලඹිලා. පාතාල ක්‍රියාකාරකම්වල නියැලෙන අය අත්අඩංගුවට පත්වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊට නීතිමය රාමුව තුළ සීමාවන් තුළ අපි ලබාදෙනවා."