වසර අගදී රටටම සුබ ආරංචියක් ගැන අගමැති ගෙන් දැනුම්දීමක්..
උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත්, ජලාශය සහ මෙගාවොට් 60 බැගින් වූ ජනන යන්ත්‍ර දෙකක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම වසර අගදී එය ආරම්භ කළ හැකි බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දන්වා තිබෙනවා.
මේ අතර, සමනල වැව ජලාශයෙන් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමි වූ බවයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත් වුණා.
ඊට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරද එක්ව සිටි අතර සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සහ අඛන්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා.
උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ඇඹිලිපිටිය මහනගර සභාව ඉදිරිපිට ගොවීන් දියත් කර ඇති සත්‍යග්‍රහයට අද දින 15 ක්.
අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබාදුන්නද සිය සත්‍යග්‍රහය අඛන්ඩව දියත් කරන බවයි ඊට එක්ව සිටින ගොවීන් ප්‍රකාශ කළේ.
මේ අතර සමනලවැව ජලාශයෙන් උඩවළවට ජලය ලබා නොදීම මගින් සිය මානව හිමිකම් කඩවූ බව පවසමින් සමස්ත ලංකා ගොවිජන එකමුතුව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එමෙන්ම ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් සමග සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊයේ උදෑසන වනවිට උඩවළව ජලාශයෙන් ජල ධාරිතාව අක්කර අඩි 926 ක් දක්වා පහත බැස තිබුණා.
මේ අතර ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ සඳහන් කළේ සමනල වැව ජලාශයේ විදුලිය ජනනය කළ හැකි සක්‍රීය ජල මට්ටම ඊයේ උදෑසන වන විට සියයට 13 දක්වා අඩුවී ඇති බවයි.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශ 73හි මේ වන විට භාවිතයට ගත හැකි ජල ධාරිතාව සියයට 31. 4 ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ෂණී විදානපතිරණ පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ ජලාශවලින් සියයට 40කම ජලය ඇත්තේ සියයට 30ට වඩා අඩු ධාරිතාවක් බවයි.