රුසියාවට සහය වූ ඉන්දියාවට වෙන්න යන දේ - යුක්‍රේන් ජනපතිගෙනුත් ඉල්ලීමක්..!

India Puttin russia ukraine war russian misile
By Sewvandhi Mar 04, 2022 06:19 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියා යුක්‍රේන යුද ගැටුම් මැද ඉන්දියාව කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ. ඒ රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදීගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට එරෙහිව  සම්බාධක පැනවිය යුතුද යන්න අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය සලකාබලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම,යුක්‍රේන – රුසියානු අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම තමා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,

"අපේ භූමියෙන් වහාම ඉවත්වෙන්න. මාත් එක්ක සාකච්ඡාවකට එන්න. මම ඒකට සූදානම්. ඔබ මැක්‍රොන් සහ අනෙක් නායකයින් සමග සාකච්ඡා පැවැත්වූ ආකාරයට මීටර් 30ක් දුරකින් සිට නොවෙයි. මම ඔබේ අසල්වැසියා. අපිට මීටර් 30ක දුරකින් සිටින්න අවශ්‍ය නැහැ. මම ඔබව සපාකන්නේ නැහැ. මම සාමාන්‍ය මනුස්සයෙක්. මාත් එක්ක ඉඳගෙන සාකච්ඡා කරන්න ඔබ බය ඇයි?"

මේ අතර රුසියානු හමුදා මෙහෙයුම් සැලසුමට අනුව ක්‍රියාත්මක වන බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් ආරක්ෂක කවුන්සිලය අමතමින් ඊයේ පැවසීය. එමෙන්ම යුක්‍රේන යුද්ධයේදී මියගිය රුසියානු සොල්දාදුවන්ට ගෞරව පුදකිරීමටත් ඔහු එහිදී පියවර ගෙන තිබුණි.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්,

"යුද්ධයේ නිරත රුසියානු සොල්දාදුවන් වීරයින් ලෙස කටයුතු කරනවා. අපේ සොල්දාදුවන් මේ සටනේ නිරතවන්නේ, ස්ථිර සහ මනා අවබෝධයෙන් යුතුවයි. යුක්‍රේන සහ රුසියානු වැසියන් එකම පිරිසක් බව මං තවදුරටත් විශ්වාස කරනවා. ඒත් ඇතැම් වැසියන් එසේ සිතන්නේ නැහැ. ඔවුන්ගෙන් බොහෝදෙනා නාසි සහ ජාතිවාදී න්‍යාය පත්‍රවලට රැවටිලා. යුද්ධයේදී මියගිය සොල්දාදුවන්ගේ පවුල් රැකබලාගැනීම අපේ යුතුකම. ඔවුන් සටන් වැදුණේ තමන්ගේ මාතෘභුමිය සහ රුසියානු ජනතාව වෙනුවෙන්."

මේ අතර යුක්‍රේන ආක්‍රමණය හෙළා දකිමින් ප්‍රංශයේ පැරිස් නුවර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ ජනාධිපති පුටින්ගේ ඉටි ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now