යුක්‍රේනයට දැඩි ප්‍රහාර - අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..!

Russo-Ukrainian War Ukraine Russia
By Sewvandhi Sep 17, 2023 03:37 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියාව යුක්‍රේනයේ ඔඩේසා වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

රුසියාව විසින් ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා 6ක් සහ කෲස් මිසයිල 10ක් එල්ල කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ අතර යුක්‍රේන හමුදා විසින් ඩ්‍රෝන යානා 6ක් සහ මිසයිල 6ක් විනාශ කර තිබෙනවා.

යුක්‍රේනයේ ගුවන් හමුදාව පැවසුවේ, ප්‍රධාන වශයෙන් ඔඩෙසා කලාපයේ දකුණු ප්‍රදේශ ඉලක්ක කර එහි කෘෂිකාර්මික පහසුකමකට පහර දුන් බවයි.

ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ප්‍රහාරක ගුවන් යානා, ගුවන් යානා නාශක මිසයිල, ජංගම ගිනි නිවීමේ කණ්ඩායම් සහ වෙනත් ප්‍රහාරක මාධ්‍යයන් එක් කර තිබූ බවත් සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, යුක්‍රේනයේ පැය කිහිපයක් පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි.

ගණේමුල්ල සංජීව මෙරටට ආ හේතුව හෙළිවෙයි

ගණේමුල්ල සංජීව මෙරටට ආ හේතුව හෙළිවෙයි