යුක්‍රේනය වෙනුවෙන් යුධ පිටියට ආ ඇමරිකානු ප්‍රරහාරක යානා

Russo-Ukrainian War Ukraine Russian Federation
By Sewvandhi May 20, 2023 07:57 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

අමෙරිකාව විසින් නිෂ්පාදනය කරන ලද එෆ් 16 වර්ගයේ උසස් ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට ලබාදීමට තීරණය කර ,ඇති බව වාර්තා වනවා. 

එමෙන්ම අදාළ යානා පියාසර කරවීම සඳහා අවශ්‍ය පුහුණුව යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදීමට ද අමෙරිකාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ජපානයේ පැවැත්වෙන ජී 07 නායක සමුළුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

අදාළ තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුක්ක්‍රේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් යුක්‍රේනයේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now