යුක්‍රේනයට රුසියාවෙන් පොරොන්දුවක්..! සාමය ගැන ඉගියක්..

Russian Putin Turkish Ukrain zelanski
By Sewvandhi Mar 29, 2022 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්‍රේනයේ කියුව් නගරය ආසන්නයේ ප්‍රහාර අඩුකිරීමට රුසියාව පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ තුර්කියේ ස්තාන්බූල් නගරයේ පැවති සාම සාකච්ඡාවලින් පසුව බව වාර්තා විය.

යුක්‍රේන සහ රුසියානු නියෝජිතයින් අතර එලෙස හමුවක් පැවැත්වූයේ සති දෙකක ට පසුව ය.

එනම්,අද(29) ඉස්තාන්බුල් හි සාකච්ඡා ආරම්භ වීමට පෙර, යුක්‍රේනයේ විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා රුසියානු සමූහාණ්ඩුව සමග සාකච්ඡාවලට යන ඕනෑම කෙනෙකුට “කිසිම දෙයක් කන්න,බොන්න එපා, සහ ඕනෑම මතුපිටක් ස්පර්ශ කිරීමෙන් වළකින්න” යනුවෙන් උපදෙස් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ මස මුලදී යුක්‍රේන-බෙලරුස් දේශසීමාවේ පැවති සාම සාකච්ඡාවලදී රුසියානු ප්‍රකෝටිපතියෙකු වන රෝමන් ඒබ්‍රමොවිච් සහ යුක්‍රේන සාකච්ඡාකරුවන්ට විෂ ශරීරගත වූ බවට සැක කෙරෙන සිද්ධියෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා .

මෙම විෂ ශරීරගත වීම සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බව නම හෙළි නොකළ එක්සත් ජනපද නිලධාරියෙකු පවසන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now