රුසියානු ආක්‍රමණයට විරෝධය පෑ මාධ්‍යවේදිනියකට සිදු වු දේ..

Jurnalist Putting Russian ukrain war russian Zelanski live program
By Sewvandhi Mar 16, 2022 11:16 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර යුක්‍රේන ආක්‍රමණයට විරෝධය දැක්වූ රුසියානු ජාතික මාධ්‍යවේදිනියට එරට අධිකරණයක් රූබල් තිස්දහසක දඩයක් නියම කර තිබේ. 

 අදාළ කාන්තාවගේ විරෝධය දැක්වීම ක්‍රෙම්ලිනය විසින් හෙළා දැක තිබුණේ එය "දාමරික" ක්‍රියාවක් ලෙස පවසමිනි. රුසියානු රජයේ මාධ්‍ය ආයතනයක වැඩසටහනක් විකාශය වෙමින් පැවති අවස්ථාවේ මැදිරියට හදිසියේ කඩාවැදුණු එම ආයතනයේම අදාළ මාධ්‍යවේදිනිය යුද විරෝධී පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණි.

එහි සටහන්ව තිබී ඇත්තේ, 'යුද්ධය නවත්වන්න. ඔවුන් ඔබට බොරු කරනවා' යන්නය. චැනල් වන් නම් මේ මාධ්‍ය ආයතනයේ සේවය කරන අදාළ මාධ්‍යවේදිනියගේ ක්‍රියාව ඇගයීමට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ද කටයුතු කර තිබුණි.

මේ අතර යුද පුවත් වාර්තාකරණයේ නිරත වී සිටි ෆොක්ස් නිව්ස් ඡායාරූප ශිල්පියෙක් සහ යුක්‍රේන ජාතික මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවද ෆොක්ස් නිව්ස් පුවත් සේවය නිවේදනය කර තිබුණි.

කියුව් අගනුවර ආසන්නයේදී පිරිස ගමන්ගත් වාහනයට එල්ලවූ ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බව සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now