යුක්රේනයේ ප්‍රදේශ ගණනාවකින් පිපිරීම් - නවතම තත්ත්වය මෙන්න..

Puttin Mariupol russian ukrin war russian volodymyr Zelensky
By Sewvandhi Mar 11, 2022 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්‍රේනයේ නගර කිහිපයක පිපිරීම් වාර්තා වී ඇති අතර වයඹ දෙසින් ලුට්ස්ක්හි ගුවන් තොටුපළක් සහ ජෙට් එන්ජින් කම්හලක් ඉලක්ක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මධ්‍යම-නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රධාන බලකොටුවක් වන Dnipro හි – ගුවන් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද සඳහන්.

නිරිතදිග ඉවානෝ-ෆ්‍රැන්කිව්ස්ක් හි පිපිරීම් ද වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ මේ අතර ජනාධිපති Volodymyr Zelensky යුක්‍රේනයේ රසායනික අවි හෝ මහා විනාශකාරී ආයුධ නිපදවා ඇති බවට රුසියාව විසින් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම යුක්‍රේනයට එරෙහිව එවැනි ආයුධ භාවිතා කළහොත් අනිත් බටහිර රටවලින් රුසියාවට “දැඩි සම්බාධක පැනවෙනු ඇතැයි ද ඔහු අනතුරු අඟවනවා

ලුට්ස්ක් නගරයට එල්ලවූ රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේන සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලැබූ බව ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී යූරි පොහුල්යායිකෝ මේ අතර පවසා තිබෙනවා

එමෙන්ම පුටින්ගේ හමුදා යුක්‍රේන නගර කිහිපයක් වට කරමින් සිටින බව වාර්තා වන අතර හදිසි නිලධාරීන් අනතුරු අඟවන්නේ Mariupol වැනි නගරවල ආහාර හිඟ වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now