යුක්රේන රුසියන් යුද්ධයට ඉන්දීය ගංගා මෙහෙයුමත් එක්වෙයි

India war Russian ukrain war russian Hangeriya New Dilhi
By Sewvandhi Mar 07, 2022 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්‍රේනයේ අතරමංව සිටි ඉන්දියානුවන් 2,100 කට අධික පිරිසක් අසල්වැසි රටවලින් ක්‍රියාත්මක වූ විශේෂ ගුවන් ගමන් 11 කින් ඊයේ (6) ආපසු ඉන්දියාවට රැගෙන විත් තිබෙනවා.

ඒ සමගීන් හංගේරියාවේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේ ගංගා මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව තානාපති කාර්යාලය විසින් සපයා දෙනු ලැබූ නවාතැන් හැර වෙනත් ස්ථානවල රැඳී සිටින සියලු ඉන්දියානුවන්ට රාත්‍රී 10ත් 12ත් අතර බුඩාපෙස්ට් නගරයට පැමිණෙන ලෙස ඉන්දීය තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටියා.

ඊයේ දිනය පුරා, ගුවන් යානා නවයක් නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩ බස්වනු ලැබූ අතර, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානා දෙකක් රුමේනියාවේ බුකරෙස්ට් සිට සහ අනෙක හංගේරියාවේ බුඩාපෙස්ට් සිට මුම්බායි වෙත ගොඩ බස්වනු ලැබුවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now