යුක්රේන ජනපති ඝාතනයට පැමිණි කණ්ඩායම් විනාශ කෙරේ

international puttin Ukraine russian war selanski
By Sewvandhi Mar 05, 2022 02:30 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්‍රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ තෙවරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද කණ්ඩායම් දෙකක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු යුක්‍රේනය එය ව්‍යර්ථ කර ඇති බවය.

එමෙන්ම සෙලෙන්ස්කි ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් දෙකක් විනාශ වූ බව යුක්‍රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් "වොෂින්ටන් පෝස්ට්" පුවත්පත ද අනාවරණය කළේය.

මේ අතර,දැනට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරවලින් ජනතාව ඉවත් කර ගැනීම අත්හිටුවීමට යුක්රේන බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා සටන් විරාමය කඩ කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත්, සටන් විරාමය ප්‍රකාශයට පත් කරමින් රුසියානු හමුදා සඳහන් කළේ අදාළ නගරවල වැසියන් ඉවත් කර ගැනීමට එම කාලය තුල අවස්ථාව සලසා දෙන බවයි.

සටන් විරාමය ආරම්භයට පෙර රුසියානු හමුදා මරියුපොල් වරාය නගරය වටලා, එම නගරයට සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හරිනු ලැබුවා.

වැඩිදුර තොරතුරු මෙතැනින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now