රුසියාව සටන් විරාමය කඩ කරයි - පිටවීමට ගිය ජනතාවට සිදුවූ දේ..

war Puttin Russian ukraine war Ryssian Selanski
By Sewvandhi Mar 05, 2022 12:30 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට තාවකාලිකව ක්‍රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබෙනවා.

යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස සටන් විරාමය තාවකාලිකව අත්හිටුවන බවයි.

යලිත් නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු ලබාදෙන තෙක් ආරක්ෂිතව රැදී සිටින ලෙස මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරයේ බලධාරින් නගර වැසියන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු හමුදාව විසින් යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවලත් පාලන බලය අත්පත් කර ගනිමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් පෝලන්තය ඇතුලු අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

රුසියානු හමුදා ආක්‍රමණ හමුවේ යුක්රේනයේ කිව් අගනගරයට අද අත්වී ඇති ඉරණම ඛේදනීයයි. රුසියාවේ යුක්රේන ආක්‍රමණ දසවැනි දිනටත් එළැඹෙද්දි යුක්රේන ජනපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි යළිත් වරක් බටහිර රටවල් සිය විවේචනයට ලක්කළා.

විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නේටෝ සංවිධානයේ රටවල සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කරන්නේ.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now