සාකච්ඡාව අතරතුර යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක් ...(Live Update)

By Sewvandhi Feb 28, 2022 07:53 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

28/02/2022 Update 

යුක්රේනය යුරෝපා සංගමයේ  සාමාජිකත්වය ඉල්ලයි 

රුසියාව - යුක්රේනය සාම සාකච්ඡා ඇරඹේ රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වී පස්වන දිනයේදී දෙරටේ නියෝජිතයින් යුද්ධය අවසන් කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කර ඇත.

යුක්රේන ජනාධිපති කාර්යාලය පවසන්නේ වහාම සටන් විරාමයක් සහ රුසියානු හමුදා ඉවත් කර ගැනීම අවශ්‍ය බවයි. මේ අතර, රුසියානු සාකච්ඡාකරුවෙකු වන ව්ලැඩිමීර් මෙඩින්ස්කි පවසන පරිදි, දෙපාර්ශවයේම අවශ්‍යතා සඳහා එකඟතාවයකට පැමිණීමට මොස්කව් හට අවශ්‍ය වේ.

රැස්වීම ආරම්භ වීමට පෙර, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඔවුන්ගේ ආයුධ බිම තබන ලෙස රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලා සිටි අතර, යුක්රේනයට වහාම සාමාජිකත්වය ලබා දෙන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

28/02/2022 Update 

සාම සාකච්ඡා සඳහා පිරිස පිටත්ව යයි..


රුසියානු දූත පිරිස සමග සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා යුක්‍රේනයේ දූත පිරිස යුක්‍රේන-බෙලරුස් දේශසීමාවට පැමිණ ඇති බව යුක්‍රේනබලධාරීන් නිවේදනය කර තිබෙනවා

ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධානම දේ සටන් විරාමයක් සහ යුක්‍රේන භූමියෙන් හමුදා ඉවත් කර ගැනීම බවයි ඔවුහු සඳහන් කරන්නේ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සාකච්ඡා දිගින් දිගටම කල් දැමුණු බව මීට පෙර වාර්තා වුණා

ඉරිදා දිනයේදී යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ මෙම සාකච්ඡාවලින් ඉදිරි ගමනක් බලාපොරොත්තු නොවන බවයි.

එහෙත්, යුද්ධය නැවැත්වීමට උත්සාහ නොකිරීම ගැන කිසිවෙකුට යුක්‍රේනයට දොස් පැවරිය නොහැකි වන පරිදි, ඔවුන් මෙම අවස්ථාව භාවිතා කිරීමට උත්සාහ ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ

28/02/2022 update 

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි. යුක්‍රේන ගැටුම් හේතුවෙන් ලෝක බලවතුන් වන රුසියාව සහ අමෙරිකාව අතර පවතින නොහොඳ නෝක්කාඩුව ද වර්ධනය වෙමින් පවතී.

රුසියාවට එරෙහිව අනෙක් රටවල්, අමෙරිකාව විසින් මෙහෙයවමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රිකව සහ ආර්ථිකමය වශයෙන් රුසියාවට බලපෑම් එල්ල කිරීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමත් වී තිබේ.

ඊට එරෙහිව ලැබිය හැකි ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි විමසිල්ලෙන් පසුවන බව CNN පුවත් සේවය වාර්තා කළේය. විශේෂයෙන්ම මෙම ගැටුම සයිබර් අවකාශයට ගෙනයෑමට රුසියාවට ඇති හැකියාව අමෙරිකාව බැහැර නොකරයි.

අතීතයේද හකරුන් භාවිත කරමින් රුසියානුවන් අමෙරිකාවට පමණක් නොව ලෝක ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බව සත්‍යයකි.

එබැවින්  "ransomware" ප්‍රහාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුක් ප්‍රධාන ආයතන වෙත දැනුම්දීමට අමෙරිකානු බලධාරීන් දැනටමත් ක්‍රියාකර තිබේ. විශේෂයෙන්ම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට රුසියානුවන් ට ඇති හැකියාව කිසිවෙක් සුළුවට නොගනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now