යුක්රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්..

Russo-Ukrainian War Ukraine
By krishani Apr 25, 2023 10:30 AM GMT
Report

රුසියානු ආරක්ෂක අංශ විසින් නැගෙනහිර යුක්රේනයේ කුපියාන්ස්ක් හි පිහිටි කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් දසදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් කෞතුකාගාරය විනාශයට පත්ව ඇති අතර, එහි සුන්බුන් අතර සිරව සිටින පිරිස් සහ කෞතුක භාණ්ඩ සොයා මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

මේ අතර, තුවාල ලැබූ දසදෙනා කෞතුකාගාර සේවකයින් වේ.

කෙසේවෙතත්, රුසියාව ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join