එකවරම යුක්රේන රුසියානු අර්බුදය ගැන අසන්නට ලැබුණු භයානක කතාව

srilanka war Ukraine russia
By Sithumi Apr 01, 2022 11:09 AM GMT
Report

යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි.

රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේනය රුසියානු දේශසීමා උල්ලංඝනය කරමින් පහර දීමක් කළ පළමු අවස්ථාව මෙයයි. යුක්රේන ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රේඩාර් පද්ධති වලට අසු නොවන ආකාරයට ඉතා පහළින් පියාසර කරමින් රුසියානු දේශ සීමාවට ඇතුළු වී බෙල්ගොරොඩ් පළාතේ බොරතෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පැහැදිලි කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු වී නැතත් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ අතර සිද්ධිය සැල වූ වහාම අවට සිවිල් වැසියන් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත. ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කලේ තෙල් ගබඩාවට එල්ල කළ මෙම ප්‍රහාරය අනාගත සාම සාකච්ඡා වලට බලපෑමක් එල්ල කරනු ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now