යුක්‍රේනය ශ්‍රී ලංකාවෙන් සහය ඉල්ලයි..

srilanka ukraine russia war Ukraine russia
By Sithumi Mar 19, 2022 12:51 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

යුක්‍රේනය වෙනුවෙන් හඩ නැගීමට සහාය වන ලෙස බටහිර රටවල් 14ක් මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ බව අවධාරණය කර ඇති බව සඳහන්ය.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවය. එබැවින් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සහාය වන්නැයි රටවල් රැසක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ලොව පුරා සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් තමන් යුක්‍රේන රජය සමග කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්ය.

මෙම ඒකාබද්ධ නිවේදනයට ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානීයා ද අත්සන් තබා තිබේ. මීට අමතරව ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, නොර්වේ, ජපාන, රුමේනියා, ස්විස්ටර්ලන්ත තානාපතිවරු මෙන්ම නවසීලන්ත මහ කොමසාරිස්වරයා ද අත්සන් තබා ඇති බව සඳහන්ය. මේ අතර මෙම ඒකාබද්ධ නිවේදනයට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය ද අත්සන් තබා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now