යුක්‍රේන් රුසියා අර්බුදය නවතියි..? සිදුවෙන්න යන දේ මෙන්න..

Srilanka Internatianal
By Sithumi Mar 18, 2022 05:06 PM GMT
Report

රුසියා යුක්‍රේන අර්බුදයට විසඳුම් විමසීම සඳහා තුර්කි ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ව දුරකථනයෙන් අමතා තිබේ.

සාමය සඳහා එකඟවීමට නම් යුක්‍රේනය සැපිරිය යුතු කොන්දේසි කිහිපයක් එහිදී ජනාධිපති පුටින් දැනුම්දී ඇත. යුක්‍රේනය නේටෝව වැනි කිසිඳු යුද සන්ධානයකට එක් නොවී ස්වාධීනව කටයුතු කිරීම එහි ප්‍රධාන ඉල්ලීමකි. 

 යුක්‍රේනය අවි අත්හැරීමත්, රට තුළ රුසියානු භාෂාව ආරක්ෂා කිරීමත්, ජනාධිපති සෙලෙන්ස්කි සහ තමන් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්ය.