රුසියාව සතුරු රටවල් ලයිස්තුව ප‍්‍රකාශයට පත් කරයි.. ශ‍්‍රී ලංකාව මොන ලැයිස්තුවේද? විස්තරය මෙන්න..

russia srilankan Putin ukraine russia war enamies
By Sithumi Mar 07, 2022 06:17 PM GMT
Report

රුසියාවට සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ. තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම රටවල් ඔවුන් විසින් හදුන්වා ඇත.

අදාල නිවේදනයේ දැක්වෙන්නේ එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. එම රටවල පුද්ගලයින්ට වීසා ලබා දීම එම රටවල ව්‍යාපාරිකයින්ට රුසියාව තුළ ව්‍යාපාර සිදු කිරීම ආදී කටයුතු වලදී දැඩි සීමා පැනවෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම රටවල් ලයිස්තුව මෙසේය. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සියලුම රටවල් එක්සත් රාජධානිය යුක්රේනය මොන්ටිනීග්‍රෝ ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව ඇන්ඩෝරා අයිස්ලන්තය මොනාකෝ රාජ්‍යය නෝර්වේ රාජ්‍යය සැන් මැරීනෝ උතුරු මැසිඩෝනියාව ජපානය දකුණු කොරියාව ඕස්ට්‍රේලියාව මයික්‍රොනීසියාව නවසීලන්තය සිංගප්පූරුව තායිවානය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 

Join now