රෑ 9.00ට දික්වැල්ලේදී යුක්‍රේන තරුණියට 29 තරුණයෙක් කළ වැඩේ..කරන්ට් එකත් තිබිල නැහැ..

Sri Lanka Beach Dikwella Ukraine couple
By Aruna Mar 03, 2022 04:23 AM GMT
Report

දික්වැල්ල සංචාරක කලාපයේ පෙහෙඹිය වෙරළ පාරේ විදුලිය විසන්ධි කරන ලද අවස්ථාවක රාත‍්‍රී 9.00ට පමණ නවාතැන වෙත සිය පෙම්වතා සමග ගමන් කරමින් සිටි යුක්‍රේන ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සැකපිට තරුණයකු අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය කටයුතු කර තිබෙනවා

. මෙහිදී විදේශ යුවළ කෑගසමින් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ අසල ත‍්‍රීරෝද රථ ගාලක සිටි තරුණයන් පිරිසක් එම ස්ථානයට දිව එද්දී සැකකරු පලාගොස් ඇති බවත් සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවයි පොලිසිය පැවසුවේ.

යළිත් සංචාරකයින් පැමිණෙමින් සිටින අවස්ථාවක මෙවැනි නොමනා ක‍්‍රියා සිදුවීම තමන් තරයේ හෙළාදකින බව සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප‍්‍රදේශයේ තරුණ පිරිස සඳහන් කර සිටියා.

දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now