නිවසට ආ රුසියානු සෙබළු වෙතට කිසිදු ආයුධයක් නොමැතිව ගොස්, එළවා දැමූ ලොවක් කතා කරන යුක්රේන යුවළ - එම අවස්ථාවේ දර්ශන..(CCTV VIDEO)

ukrain russian CCTV Video Russian ukraine war russian Voznesenk
By Sewvandhi Mar 09, 2022 01:04 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියානු යුක්‍රේන යුද ගැටුම් මැද සිදුවූ සුවිශේෂී අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වීඩියෝවේ රුසියානු යුද භටයන් තිදෙනෙකු යුක්‍රේනයේ Voznesensk ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙමිදුලට ඇතුලුවෙන අයුරු සටහන්ව ඇත.

එම අවස්තාවේ නිවසේ සිටින යුක්‍රේන ජාතික යුවලක් කිසිදු ආයුධයක් නොමැතිව ඔවුන් ඉදිරියට පැමිණෙන අතර එහිදී එක් සෙබලෙකු විසින් අහසට වෙඩි තබනු ලබයි.

එයටද නොසැලෙන මෙම යුවල ඉදිරියට පැමිණ අදාළ සෙබළුන් තම ගෙමිදුලෙන් පිටතට තල්ලුකර දමයි.

එම අවස්තාව දැක්වෙන CCTV වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන්නේ යුක්‍රේන ජාතිකයන් නිර්භීත ජාතියක් බව පවසමිනි.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.(විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now