උදුල් ඇතුළු 22ක් නිදොස් කොට නිදහස් කෙරේ..

Sri Lanka Inter University Students Federation
By Sithumi Jun 23, 2023 01:05 PM GMT
Report

 අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් නොවූ බවත් එමනිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත්ය.

2010 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකොට එහි දේපොළවලට අනර්ථයක් සිදුකළේ යැයි චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 කට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණි.