මහින්දගේ හොර අත්සනකික් උදිත ගහපු ගේමක් මාට්ටු වෙයි..ජනපති ගිනුමකටත් විදියි.

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Uditha lokubandara
By Aruna Jan 25, 2022 08:00 AM GMT
Report

මහින්දගේ අත්සන හොරට ගහලා ගත්තු ATM කාඩ් එකෙන් කරපු මහා වංචාව හෙළිවෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර ව්‍යාජ අත්සනක් මගින් සකස් කරගත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට වැටුප් ලබාදෙන ගිණුමෙන් රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචාකර ඇතැයි තහවුරු වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

මහින්ද රාජපක්ෂ 2015 පැවැති ජනාධිපතිවරණයෙන් පරායට පත්වූ පසුව ද උදිත ලොකු බණ්ඩාර මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

මෙරට විසූ කීර්තිමත් දේශපාලඥයෙකු වන වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුත්‍රයා වන උදිත ලොකු බණ්ඩාර කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, පසුගිය මහ මැතිවරණයේදී හපුතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කර පරාජයට පත්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now