උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.

United States of America Uddika Premarathna Sri Lanka visa Passport Canada
By Wayomi Jun 23, 2024 03:09 PM GMT
Report

ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා හා බටහිර රටවල් සඳහා වීසා නිකුත් කිරීම දැඩි පිළිවෙත් අනුගමනය කිරීමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින්.

මේ හේතුවෙන් විදේශීය රටවල් සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙකුට වීසා ලබාගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බවත්, රටේ පවතින තත්ත්වය මුල් කරගෙන බොහෝ පිරිස් සංචාරක වීසා මත විදෙස්ගත වී දේශපාලන රැකවරණ අයැදින බවත් සඳහන්.

ඒ, අනුව මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමේදී දැඩිව සොයා බලන ලෙස පසුව විදෙස් තානාපති කාර්යාල රැසක් එම කාර්යාලවල නිලධාරීන් හට උපදෙස් දී තිබෙනවා.

විශේෂයෙන් දේශපාලනඥයන් ඔවුන්ගේ දරුවන් හා ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙසද උපදෙස් දී ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණය අයැද ඇත.