සියල්ලන් බිය ගන්වමින් වෙරළ තීරයෙන් හමු වූ දේ ..(PHOTOS)

Sri Lanka Army Jaffna Sri Lanka
By Sithumi Dec 23, 2022 02:55 PM GMT
Report

වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් ,යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ(22) දිනයේ මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery