ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක්..! ටවිටර් පණිවිඩයක් නිකුත් කරයි..
ජනතාව පෝලිම්වල රස්තියාදු වන්නේ සහ දුක් විඳින්නේ, අහයපත් පරිපාලනය හේතුවෙන් ඇති කළ අර්බුද නිසා බව උදය ගම්මන්පිල පවසනවා.
ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 20.6ක් 2021 වසරේ ආනයනයන් සඳහා වැය කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා ඒ අතරින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක් පමණක් ඛනිජ තෙල් එල්.පී ගෑස් ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැය කර ඇති බව යි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් සටහනක් තබමින් සටහන් කරන්නේ.
අප ඉල්ලා සිටි පරිදි රජය අත්‍යවශ්‍ය නො වන ආනයනයන් සඳහා මීට වසරකට පෙර නිවැරැදි පියවර ගෙන සීමා පැනවූයේ නම්, ජනතාවට මේ ආකාරයෙන් පෝලිම්වල රාස්තියාදි වීමට සිදු නො වනු ඇති බව යි ඔහු අවසාන වශයෙන් අවධාරණය කර තිබෙන්නේ.
එම ටවිටර් සටහන පහතින් ...
People are suffering in queues because of a man-made crisis. #SriLanka spent $20.6b for imports in 2021. Only $4.6b for petroleum, LPG, coal & medicine. If Govt restricted import of non essentials a year ago as we demanded, people wouldn’t have suffered in queues now.
— Udaya Gammanpila (@UPGammanpila) March 15, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |