භාණ්ඩ 600ක් ආනයනය නතර කෙරේ - ගැසට් නිවේදනයක්..?

gazette politics Udaya Gammanpila Mulu Ratama Hari Magata
By Sewvandhi Mar 02, 2022 12:45 PM GMT
Report

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය නැවැත්වීමේ ගැසට් නිවේදනයක් අද රාත්‍රියේ නිකුත් කෙරෙන බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අනාවරණ කළා.

ඒ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බූදය ජය ගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන ‌දේශපාලන පක්ෂ 11ක් විසින් සකසන ලද ජාතික ප්‍රකාශනය වන “මුළු රටම හරි මගට” එළිදැක්වීමේ උත්සවය අමතමින්. 

එනම්,ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් සකස් කරන ලද ජාතික ප්‍රකාශනය එළිදැක්වීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් එය සකස් කර ඇත.

"මුළු රටම හරි මඟට" ජාතික ප්‍රකාශනය යනුවෙන් එය නම්කර තිබේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now