හිටපු ඇමති උදය ගම්මන්පිලට අධිකරණයෙන් ලැබුණ විශේෂ අවසරය..

Sri Lanka Politician Udaya Gammanpila
By krishani Nov 21, 2022 06:37 AM GMT
Report

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

ඒ ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා එම නියෝග ලබා දී ඇති අතර ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ  සිය සේවාදායකයාට වන්දනා ගමනක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මේ මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙසත් ය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාල සීමාව තුළ ගම්මන්පිල මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join